වැඩි මිලට අලෙවි කිරීම සඳහා නිවසක ගබඩා කර තිබූ භූමි තෙල් ලීටර් 2005ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොළොන්නරුව හිඟුරක්ගොඩ උණගලාවෙහෙර ප්රදේශයේ නිවසක තිබියදී මෙම භූමි තෙල් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
හිඟුරක්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ කළ වැටලිමේ දී අදාළ නිවසේ බැරල් 9ක සහ බුලි 3ක සඟවා තිබියදීයි මෙම භූමි තෙල් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ භූමි තෙල් හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
