මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කරනවා .
රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, අවුරුදු සමයේ ජනතාවගේ ගමනාගමනය වැඩි වීම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් රථ වාහන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් වැඩි වශයෙන් යොදවනු ඇති බවයි .
විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව රථ වාහන පාලන සැලසුම් සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා .
