වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය විවෘත කිරීමට සූදානම්

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලොක්ට්‍රොනික පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 31 වැනි දින පෙරවරු 10ට බණ්ඩාර නායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදි මෙම පද්ධතිය විවෘත කිරිමට නියමිතයි.

දූෂණ විරෝධි පනත මගින් ඇති කළ ශත්තිමත් නීතිමය රාමුව ප්‍රායෝගිකව බල ගැන්වීමේ එක් සුවිශේෂි තාක්ෂණික අවශ්‍යතාවක් සපුරාලමින් මෙම පද්ධතිය දියත් කරනු ඇති.

මෙරට දූෂණ මර්දන කර්ත්‍යවයට නවීනත්වය, ස්වාධීනත්වය සහ කාර්යක්ෂමත්වය එක් කිරීම එහි ප්‍රමුඛ අරමුණක්.

මෙතෙක් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාව තුළ සිදුවූයේ මුද්‍රිත ආකෘතියෙනුයි.

මෙලෙස ඩිජිටල් කරණයට ලක්‍ කෙරෙන මධ්‍යගත ඉලොක්ට්‍රොනික පද්ධතිය මගින් සාවද්‍ය ආකාරයට වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සහ අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්වයන් හදුනාගැනීම සඳහා මෙම නව පද්ධතිය මගින් පහසුකම් සැලසෙනවා.