දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන මහල් හයකින් සහ ශල්‍යාගාර හයකින් සමන්විත කරාපිටිය මාතෘ ශික්ෂණ රෝහල (ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව මාතෘ රෝහල) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
ඇඳන් 600 කින් සමන්විත ශල්‍යාගාර හයක්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු නවීන පහසුකම්වලින් යුක්ත රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ක්‍රියාත්මක සායන සහ මාතෘ ප්‍රතිකාර සේවාවන් හි ප්‍රගතිය සොයා බැලීමටත් නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළ අතර, රෝහලේ වත්මන් අවශ්‍යතා, පවතින මානව සහ භෞතික සම්පත් කළමණාකරණය සහ ඒ ආශ්රිත ගැටළු පිළිබඳව ද කරුණු විමසා බැලීමට රෝහල් පාලනාධිකාරය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සමග රෝහල් ශ්‍රවණාගාරයේ දි විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට මෙහිදී කටයුතු කෙරිණි.
මෙහිදී 2027 වසර සඳහා සැළසුම් කර ඇති රෝහල් සංවර්ධන ව්‍යාපෘති ලෙස වෛද්‍ය සහ හෙද ඇතුළු කාර්ය මණ්ඩල නිල නිවාස ව්‍යාපෘතිය පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ කරාපිටිය මාතෘ රෝහලේ අධ්යක්ෂ කේ.එමි සෝමරත්න මහතා රෝහලේ සංඛ්‍යාලේඛණ, මාතෘ මරණ අනුපාතය, (maternal mortality ratio), නවජ මරණ අනුපාතය (neonatal mortality ratio ), ක්‍රියාත්මක ව්‍යාපෘති, පහසුකම් සහ සේවා, ක්‍රියාත්මක සායන, රෝගී තෘප්තිමත්විම පිළිබඳ සමීක්ෂණ, මානව සහ භෞතික සම්පත් පිළිබඳවඳ පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදි.
මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පෙන්වා දෙන ලද්දේ රෝහල සතු මානව සම්පත් නිසි කළමණාකරණයකට ලක් කරමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක කිරිම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
එමෙන්ම රෝහල්වල පවතින නිතර සේවා කටයුතු සිදු කිරීමට සිදුව ඇති පැරණි යන්ත්‍ර වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර අවශ්‍යතාවයන් අනුව රෝහල්වලට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, පසුගිය කාලය තුළ බොහෝ රෝහල්වල උපකරණ ස්ථාපිත කිරීම් නිසි සැළසුමකට සිදුව නොමැති බව ද පෙන්වා දෙන ලදී.
රෝහල් ප්‍රධාන සැළසුමට අනුව ගොඩනැගිලි ඉදිකරීමට කටයුතු කරනවා මෙන්ම අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ වෛද්‍ය උපකරණ ඊට අවශ්‍ය මානව සම්පත, උපකරණ සේවා කටයුතු යන අංශ පිළිබඳව ද ප්‍රධාන සැළසුමට සාපේක්ෂව සැළසුම් සහගත වැඩපිළිවෙලක් තුළ අවධානය යොමු විය යුතුම කරුණක් බවද පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) එස්. ශ්‍රීධරන්, අධ්යක්ෂ (ගොඩනැගිලි) අනූපමා බණ්ඩාර, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) එච්. එමි.අයි.සී හේරත්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (සැපයීම්) එච්. එමි.එන් දිනිප්‍රිය, අතිරේක ලේකම් (පාලන iii) සිසිර කුමාර, කරාපිටිය මාතෘ රෝහලේ අධ්යක්ෂ කේ.එමි සෝමරත්න, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

