ඉරානයෙන් රතු එළියක්

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවන්නේ, මැදපෙරදිග කලාපයේ ඇති අමෙරිකානු – ඊශ්‍රායල විශ්වවිද්‍යාල ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට නියමිත බවටයි.

ඉරානයේ ටෙහෙරාන් හි පිහිටි විද්‍යා හා තාක්ෂණික විශ්වවිද්‍යාලවලට අමෙරිකානු හා ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවීමත් සමග මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි, වාර්තා වන්නේ.

කලාපයේ ඇති අමෙරිකානු විශ්වවිද්‍යාලවල සියලු කාර්යමණ්ඩල සාමාජිකයින්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්වන ලෙසට ද ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් දැනුම්දී ඇති තිබෙනවා.