ආයුර්වේද සංස්ථාවේ නම අවභාවිතා කල ව්‍යාජ ඖෂධ අලෙවි ජාවාරමක්

රජයේ ආයුර්වේද සංස්ථාවේ නාමය ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඖෂධ අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබෙනවා.

ඒ ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

පසුගිය 26 වැනිදා මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අදාළ ආයතනය විසින් මහා පරිමාණව මෙම වංචාව සිදුකර ඇති බවටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස වටලා ඇත්තේ මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක් වන අතර එහිදී එම ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ පාරිභෝගික නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.