ජපන් මෝටර් රථ තරඟාවලියේ ජය ඉතාලියට


ජපාන ගෝන්‍ෆ්‍රී එෆ් වන් මෝටර් රථ තරගාවලියේ ජය වාර්තා කිරීමට ඉතාලියේ කිමී ඇන්ටනේලි සමත්වුනා.


මේ ව‍සරේ මේ දක්වා පැවැති තරගවලින් හිදී ධාවකයින්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුණේ පසුවන්නේද කිමී ඇන්ටනේලි.


කිමී ඇන්ටනේලි ජපාන ගෝන්‍ෆ්‍රී තරගය නිමකිරීමට ගතකල කාලය පැයයි, මිනිත්තු 28යි බින්දුවයි දශම තුනක්.


තවමත 19 වැනි වියෙහි පසුවන කිමී ඇන්ටනේලි ශ්‍රේණිගත කිරීම් අනුව පෙරමුනේ පසුවන්නේ ‍ප්‍රසාද ලකුණු 72 ක් හිමිකර ගනිමින්.

ජපාන ගොන්ෆ්‍රී තරගයේ දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවේ ඔස්කා පියෙස්ට්‍රි හිමිකර ගත්තා.
මොනාකෝ හි චාල්ස් ලැක්ලර්ක් තෙවැන්නා ලෙස තරගය අවසන් කලා.