ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි


මැදපෙරදිග පවතින යුදමය තත්වය යටතේ ධීවර හා ජලජීවි වගා ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව,ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ.කෝලිත කමල් ජිනදාස මහතා පවසනවා.අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.