කහවත්ත පොලිස් වසමේ කහවත්තකන්ද ප්‍රදේශයේ ඊයේ (30) දින පතල් වළක නාඳුනන පිරිමි මෘත ශරීරයක් හමුව තිබෙනවා.
කහවත්ත පොලිසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 61 ක් වූ ලෙනදොර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපර කටයුතුවල නිරත පුද්ගලයෙකු බවට අනාවරණය කරගෙන ඇත.
2026.03.28 දින ඕපනායක පොලිස් වසමේ ලෙන්දර ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඕපනායක පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ අතර මෙම මරණකරු ඉහත අතුරුදන් වූ පුද්ගලයා බවට අනාවරණය වී ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කහවත්ත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
