බහාලුම් නිදහස් කිරීම දැන් Online


එළඹෙන සිකුරාදා සිට ශ්‍රී ලංකා රේගුව මගින් කොළඹ වරායේ සිට බහාලුම් පරීක්ෂණ අංගන 3 සඳහා බහාලුම් නිදහස් කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.


රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රමවේදය හරහා වඩා විනිවිදභාවයකින් සහ වගවීමකින් යුතුව බහාලුම් නිදහස් කිරීම සිදුකරන බවයි