වළකට වැටී පුංචි මල් කැකුළක් මිලින වෙයි

මරදන්කඩවල පොලිස් වසමේ කොල්ලකුට්ටිගම ප්‍රදේශයේදී ඊයේ (07) දින රාත්‍රී ජලය සහිත වළකට වැටී පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

මරදන්කඩවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය ළමයා අවුරුදු 06 ක් වූ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය ළමයා තම සහෝදරයින් දෙදෙනෙකු හා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ නිවසට නුදුරින් පිහිටි ඉදිකරමින් පවතින නිවසක පරවියන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී අඩි 07 ක් පමණ ගැඹුරු ආවරණය නොකරන ලද ජලය පිරී තිබූ වළකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මරදන්කඩවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.