ඊශ්‍රායලය දකුණු ලෙබනනයේ නගරයක් වන බරාචිට් වෙත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.
සාම ගිවිසුම ආරම්භ වීමෙන් පසුවත් රටවල් කිහිපයකින්ම ප්‍රහාර එල්ලවීම් පිළිබඳව වාර්තාවන බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අද උදෑසන වනවිටත් ඊශ්‍රායලය ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායලයේ ජෙරුසෙලම් ප්‍රදේශයේ පිපිරීම් වාර්තා වූ බවට බිබිසි ලෝක සේවය සඳහන් කරන අතර බහරේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එරට අනතුරු ඇඟවීම් සංඥා ක්‍රියාත්මක වූ බවයි.
