මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන තීරණාත්මක සාම සාකච්ඡා සඳහා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර මේ වන විට දැවැන්ත සූදානමකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වී සති හයක් ගතවන මොහොතක, ලෝක බලශක්ති වෙළඳපොළට සහ ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
සාකච්ඡා හේතුවෙන් අගනුවර රතු කලාපය සම්පූර්ණයෙන්ම වසා දමා ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
