ලෝකයේම අවධානය පාකිස්ථානය දෙසට

ඉරානය සහ අමෙරිකාව අතර පවතින දැඩි අවිශ්වාසය සහ ඊශ්‍රායලය මෙම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ නොවීම සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව අවිශ්වාසයක් මතු කර ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

එසේ වුවද, වසර 15කට පසුව අමෙරිකානු උප ජනාධිපතිවරයෙකු පාකිස්ථානයේ සංචාරයක නිරත වීම සහ දෙපාර්ශවයම ගැටුම්වලින් හෙම්බත් වී සිටීම හේතුවෙන් කිසියම් මට්ටමක එකඟතාවයකට පැමිණීමට අවස්ථාවක් පවතින බවයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවරට ඊයේ සහ අද දිනයන් රජයේ නිවාඩු ප්‍රකාශයට පත් කර ඇති අතර මුළු ලෝකයේම අවධානය මේ වන විට පාකිස්ථානය දෙසට යොමු වී තිබෙනවා.