බස් රථයකට යටවී පාසල් දැරියක් මරුට

මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපල මාර්ගයේ මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (10) දින දහවල් බස් රථයකින් බැස පාර මාරුවිමට ගිය පාසල් දැරියක් එම බස් රථයටම යට වී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.

මියගිය පාසල් දැරිය අවුරුදු 10 ක් වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධියට සම්බන්ධ බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.