ලෙබනනයට අඛණ්ඩව ප්‍රහාර

ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව වාර්තා වන අතර ඉකුත් බදාදා දිනය තුළ පමණක් ලෙබනනයේ පුද්ගලයන් 357 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සටන් විරාම සාකච්ඡා සඳහා උපදෙස් දී ඇති පසුබිමක පවා මෙම ප්‍රහාර එල්ල වීම සාකච්ඡාවල සාර්ථකත්වයට බාධාවක් විය හැකි බවට විචාරකයින් මත පළ කරනවා.