06 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ කබඩි කාන්තා කණ්ඩායම් ඉසව්වෙන් රිදි පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුනා. මලල ක්‍රීඩා හැර වෙනත් ඉසව්වකින් ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩා උලෙළේදී හිමිකරගත් පළමු පදක්කම මෙයයි.
ක්‍රීඩා උලෙළ චීනයේ සන්යා හිදී පැවැත්වෙනවා. අවසන් තරගය පැවැත්වුනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. තරගයේ පළමු අර්ධයේදී ලකුණු 20 ට 18 ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඉන්දියාව සමත්වුණා.
දෙවැනි අර්ධයේදී ඉන්දියාව ලකුණු 27 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව ලබාගත්තේ 13 ක් පමණයි. ඒ අනුව ලකුණු 47 ට 31 ක් ලෙස අවසන් තරගය ජයගත් ඉන්දියාව රන් පදක්කම හිමිකර ගත්තා.
ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවුණා. ඩිලක්ෂනා විමලේන්තිරන්, හංසිකා කුමුදුනී, කජේන්තිනි රාසා, මදුරිකා හංසමාලි, ප්‍රියවර්නා රාසාතුරෙයි සහ ශානිකා සුදර්ශනී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.
