ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අතර විශේෂ හමුවක් ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී පවත්වා තිබෙනවා.
එහිදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරාන ජනතාව සිය ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින ආකාරය ප්‍රශංසනීය බවයි.
කලාපයේ සාමය කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට රුසියාව සූදානම් බව ඔහු මෙහිදී සහතික වනවා.
ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් ද මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටින්නේ, ඉරානය සමඟ පවතින ගැටුමෙන් මිදීමට අමෙරිකාවට පැහැදිලි උපාය මාර්ගයක් නොමැති බවයි.
