සිඩ්නි අහසේ ශ්‍රී ලංකන් සත්කාරය තවත් ඉහළට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීම සඳහා පැවති කොන්ත්‍රාත්තුව 2026-04-30 වන දිනෙන් අවසන් වී තිබෙනවා.

එබැවින්, එම සේවාව සැපයීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබෙන අතර ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබෙනවා.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Menzies Aviation (Australia) Pty Ltd වෙත ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 8.32ක මුදලකට 2026-05-01 දින සිට වසර 03ක කාලයක් සඳහා එම කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවුණා.