මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය කොළඹ දී

මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ(6) කොළඹ දී පැවැත්වුණා.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සංවිධාන කළ NVQ සහතික ප්‍රදානෝත්සවය පැවැත්වුණේ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නයිටා සභාපති අබ්දූල් සත්තාර් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. එස්. විජේසිංහ යන මහත්වරුන් ඊට එක්වුණා.

වසර ගණනාවක පළපුරුද්දක් පැවතියද නිල රාජ්‍ය සහතිකයක් නොමැතිව සිටි දක්ෂ නිපුණතා ශිල්පීන් 1500 කට මෙහිදී NVQ සහතික පිරිනැමුණා.

ඒ පෙර පාසල් ගුරු සහ සාත්තු සේවක , ග්‍රැෆික් නිර්මාණකරු සහ ඡායාරූප ශිල්පී , ඖෂධ තාක්ෂණික ශිල්පි සහ ප්‍රථමාධාර ශිල්පී , ගිනිනිවන නිලධාරී සහ ලිපිකරු , ප්‍රේසට්‍රි බේකරි , සූපවේදී සහ ආහාරපාන සැලසුම් ශිල්පී ආදි ක්ෂේත්‍ර සඳහායි.

වෘත්තිය පුහුණු ඉතිහාසයේ ප්‍රථමවතාවට නිය අලංකරණ ශිල්පය සඳහා ද නිපුණතා සහතික පිරිනැමීම විශේෂත්වයක්.