වැල්ලවාය සහ කිරිඳිඔය ජල පෝෂක ප්රදේශවලට ඊයේ (08) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග කිරිඳිඔයේ ජල මට්ටම මේ වන විට ශීඝ්රයෙන් ඉහළ ගොස් අති බව වාර්තා වෙනවා .
මේ නිසා කිරිඳිඔය දෙපස ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසයි මොනරාගල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දීමක් ද කර ඇත්තේ .
කෙසේවෙතත් කිරිඳිඔය පිටාර ගැලීම හේතුවෙන් වැල්ලවාය ප්රදේශයේ නිවාස රැසක් මේ වන විට ජලයෙන් යට වී ඇති අතර තවදුරටත් මෙම ජල මට්ටම ඉහළ යා හැකි බවද සඳහන්.
