මධ්‍යම අධිවේගයේ රඹුක්කන-ගලගෙදර කොටසට කැබිනට් අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වැනි කොටසෙහි දෙවැනි අදියර සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් ඉදිකිරීමට නියමිතයි. ඒ සඳහා කොන්ත්‍රාත් පැකේජ 7 ක් යටතේ ලංසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා