ජාතික තරුණ දිනය වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පාගමන් දිවයින පුරා ක්‍රියාත්මකයි.
ජාතික තරුණ සේවා සභාව සහ යුර්ත් ක්ලබ් ජාතික සම්මේලනය එක්ව මෙය සංවිධාන කරනු ලබනවා.
’Say No’ – අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා’ යන තේමාවෙන් පාගමන් සහ රැලි පැවැත්වෙනවා.
මහරගම නගරය පුරා මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් පැවති අතර, විශේෂ රැලියක්ද සංවිධාන කර තිබුණා.
අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද, දිනිදු සමන් හෙන්නායක හා සුනිල් වටගල යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල යන මහත්වරුන්ද ක්‍රීඩා සමාජවල තරුණ තරුණියන් සහ පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.
ජාතික තරුණ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා එවා තිබූ සුබපැතුම් පණිවුඩය අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබුවා.
