2026 ආසියානු පිරිමි රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර අද පැවති තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට හොංකොං කණ්ඩායම සමත් වුණා.
තරගය පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී.
තරගයේ ආරම්භක අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ආරම්භයේ සිටම දෙපිළිම තියුණු තරග රටාවක නිරත වුණා. පළමු අර්ධයේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් හොංකොං කණ්ඩායම ලකුණු තුනක් වාර්තා කළා. නමුත්, එම අර්ධයේදී ශ්‍රී ලංකාව කිසිඳු ලකුණක් වාර්තා කළේ නැහැ.
දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල දිනුම් දෙකකින් ලකුණු 14ක් ලබාගත්තා.
හොංකොං කණ්ඩායම එම අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් ලබාගනිමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 12ක්.
ඒ අනුව ලකුණු 15ට 14ක් ලෙස එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට හොංකොං කණ්ඩායමට සමත් වුණා.
