පාකිස්ථාන අගමැති බීජිං නුවරට

සිව්දින නිල චාරිකාවක් සඳහා චීනයට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා අද බීජිං නුවර වෙත ළඟා වුණා.

චීනයේ හැංජෝ නුවරින් එය ආරම්භ කෙරුණා.

මෙම සංචාරය, පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා චීනයේ සංචාරය කර මාසයකටත් අඩු කාලයකදී සිදුවීම විශේෂත්වයක්.

බීජිං නුවර රැඳී සිටින කාලය තුළදී අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පිං සහ අග්‍රාමාත්‍ය ලී චියැං හමුවී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

සංචාරය අතරතුර දෙරටටම පොදු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධ කරුණු රැසක් පිළිබඳව නායකයින්ගේ අවධානය යොමු කරන බව පාකිස්ථාන නිල ආරංචි මාර්ග පවසනවා.

අග්‍රාමාත්‍යවරයා හැංජෝ නුවරදී තොරතුරු තාක්ෂණ සහ බැටරි බලශක්ති ගබඩා කිරීමේ ක්ෂේත්‍රයන් මුල් කරගනිමින් පැවැති ව්‍යාපාරික හමුවකට ද එක්ව තිබෙනවා.

එහිදී චීනයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන අලිබබා ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක ද ඔහු නිරත වුණා.

පාකිස්ථානයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා චීන ආයෝජන ලබාගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.