එළඹෙන හජ් වන්දනා සමය වෙනුවෙන් සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට මක්කම සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි අති නවීන ගුවන් ආරක්ෂණ පද්ධති ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ දර්ශනද විදෙස් මාධ්‍ය විකාශය කර තිබෙනවා.
එමෙන්ම මක්කම සහ ඒ අවට යුධ භටයන් සහ ගුවන් යානා, හෙලිකොප්ටර් යානා ආදියද ස්ථාපිත කිරීමට සෞදි ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
සෞදි ආරක්ෂක අංශ එම ප්‍රදේශය අවට ආරක්ෂක පුහුණුවීම්වල නිරතවන දර්ශනද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
එමෙන්ම විශාල ජනතාවක් එක්වන ආගමික අවස්ථා සහ උත්සව යනාදියට ඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරවලින් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෞදි අරාබිය දැඩි අවධානයක් යොමු කර ඇති බවත් සඳහන්.
