ලෝක බැංකු සමූහයට අයත් අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 166ක ආයෝජන වැඩසටහනක් අද නිවේදනය කළා.
ඒ, මෙරට පෞද්ගලික අංශය කෙරෙහි ඇති එහි දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්.
ව්‍යාපාරවලට සහයවීමට සහ ආර්ථික ස්ථායීකරණයේ සිට තිරසර වර්ධනයක් දක්වා මෙරට ගමන්මග වේගවත් කිරීම මෙමගින් අපේක්ෂිතයි.
මෙරට කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම මෙම ආයෝජන වැඩසටහනේ මූලික අරමුණයි.
අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාරවලින් සියයට 75කට වඩා සහ රැකියාවලින් සියයට 45ක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නියෝජනය කරන බවයි.
ණය සඳහා වන ප්‍රවේශය ඔවුන්ගේ ව්‍යාප්තියට සැලකිය යුතු බාධකයක් ලෙස පවතින බව ද පෙන්වාදී තිබෙනවා.
මෙරට ප්‍රමුඛ පෞද්ගලික වාණිජ බැංකු තුනක සහභාගීත්වයෙන් ව්‍යාපාරවලට සිය අභියෝග ජයගැනීමට සහයවීම සහ මෙරට දිගුකාලීන ආර්ථික ණය ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉලක්කගත විසඳුම් ලබාදීමට මින් අපේක්ෂා කෙරෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර, රැකියා නිර්මාණය සඳහා එම ව්‍යාපාරයන්හි වර්ධනය අත්‍යවශ්‍ය වන බවයි ආසියාවේ සහ පැසිෆික් කලාපයේ මූල්‍ය ආයතන සමූහයේ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ කලාපයීය කර්මාන්ත අධ්‍යක්ෂ “ඇලන් ෆෝලෙමු” මහතා පවසන්නේ.
කාන්තාවන් මෙහෙයවන ව්‍යාපාර, කුඩා වතු හිමියන්, ගොවීන් සහ යථාතත්වයට පත් කිරීමට හේතුවන අංශ වෙත ප්‍රාග්ධනය යොමු කිරීම සඳහා මෙරට බැංකුවලට සහය ලබාදීමෙන් ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරීමට මෙන්ම රට ඉදිරියට ගෙනයාමට ද අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව මෙහිදී හැකියාව ලබාදෙන බව ඔහු සඳහන් කරනවා.
