ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද අහමුදාබාද්හිදී පැවැත්වෙනවා.
පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම් අතරයි.
තර්ගාවලියේ මූලික වටයේ තරග අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ ද royal challengers බෙංගලූරු සහ පංචාබ් කින්ග්ස් යන කණ්ඩායම්.
තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරඟය මෙම කණ්ඩායම් දෙක පැවති අතර රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලොර් පිල එහිදී කඩුළු 8ක පහසු ජයක් ලබා ගත්තා.
ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල සෘජුවම අවසන් තරගය සඳහා මෙහිදී සුදුසුකම් ලැබුවා
පංජාබ් කිංග්ස් කණ්ඩායම දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට සුදුසුකම් ලබාගත්තා.
අවසන් සිව්දෙනාගේ වටයේ දෙවන තරගය පැවත්වුණේ, ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව් වැනි ස්ථාන හිමි කරගත් මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.
ඉන් ජයග්‍රහණය වාර්තා කළ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා.
ඒ අනුව දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ පංජාබ් කිංග්ස් සහ මුඹයි ඉන්දියන්ස් කණ්ඩායම් අතර.
ඉන් ජය වර්තා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ඔවුන් අයි පී එල් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි.
ඔවුන් පළමු වරට 2014 වසරේ දී IPL අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත් වුවත් එය ජයගැනීමට අවස්ථාව උදා වූයේ නැහැ.
රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම 2009, 2011 හා 2016 වසරවල දී IPL අවසාන මහා ක්‍රීඩා කර තිබුණ ද කිසිදු අවස්ථාවක ශූරතාව හිමි කර ගෙන නැහැ.
ඒ අනුව මෙතෙක් IPL ශුරතාවයක් හිමි කර නොගත් කණ්ඩායමක් අද අහමදාබාද් නුවර දී 2025 IPL කුසලානය තමන් සතු කර ගැනීමට නියමිතයි.
