අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට මාසයක් පිරෙන විට සංවිධාන කෙරුණු ඊට එරෙහි විරෝධතා රැල්ල අමෙරිකාවේ නගර රැසකදී පැවැත්වුනා.
එය නම්කර ඇත්තේ “NO KINGS” නමින්.
සංවිධායකයන් පවසන්නේ අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ආවරණය වන පරිදි විරෝධතා වැඩසටහන් 3,300කට අධික සංඛ්‍යාවක් සැලසුම් කර තිබූ බවයි.
නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ වොෂින්ටන් වැනි ප්‍රධාන නගරවලට අමතරව ලන්ඩන්, රෝමය, පැරිස් සහ බර්ලින් වැනි විදේශීය නගරවලදී ද සමාන්තර විරෝධතා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.
