අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 2 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත් වුණා.
තරගය පැවැත්වුණේ බෙංගලූරු හිදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම, පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 213 ක් රැස්කළා.
වැඩිම ලකුණු ලාභියා වූ විරාත් කෝලි රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 ක්. ජේකර් බෙතල් ලකුණු 55 ක් ලබාගත් අතර රොමාරියෝ ෂෙපර්ඩ් නොදැවී ලකුණු 53 යි.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 36 කට කඩුලු 3 ක් බිඳහෙලුවා.
පිළිතුරු ලෙස චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් රැස්කළා.
ආයුෂ් මාත්‍රේ පන්දු 48 කදී ලකුණු 94 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සහ හයේ පහර 5 ක් සමග.
රවීන්ද්‍ර ජජේඩා නොදැවී ලකුණු 77 යි. පන්දු යැවීමේදී ලුන්ග් එන්ඩිනී කඩුලු 3 ක් බිඳහෙලුවා.
