දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Almas Holdings (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ඊට අදාළ චෙක්පත Almas Holdings (Pvt) Ltdහි සභාපති ඉම්ටියාස් බුහාර්ඩීන්
(Imtiaz Buhardeen) මහතා විසින් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ගංවතුර සහන වැඩසටහන් සහ නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා තවදුරටත් සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව සභාපති ඉම්ටියාස් බුහාර්ඩීන් මහතා ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කළේය.
Almas Equities Pvt Ltdහි කළමනාකාර අධ්‍යක්ෂ ෂමීර් බුහාර්ඩීන්, අධ්‍යක්ෂකවරුන් වන රිස්වි අබ්දුල් මජීඩ් (Risvi Abdul Majeed), රුෂ්ලි සම්සුඩීන් (Ruzly Shamsudeen) , Almas Equities Pvt Ltdහි ප්‍රධාන විධායක නිලධාරි ඉෆාද් මරිකාර් (Ifadh Marikar), Almas Holdings Pvt Ltdහි උපදේශක (උපාය මාර්ගික සංවර්ධන) තක්ෂිල හුලංගමුව යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
