අන්තර්ජාලයෙන් සූදු සෙල්ලම් කළ ඉන්දීය ජාතිකයින් 11ක් මාට්ටු

අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කල විදේශ ජාතික සැකකරුවන් 08ක් හා සැකකාරියන් 03ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) දින රාත්‍රී කාලයේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මතවැටලීමක් සිදු කර ඇත.

එහිදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කල විදේශ ජාතික සැකකරුවන් 08 දෙනෙකු හා සැකකාරියන් තිදෙනෙකු ජංගම දුරකථන 20 ක්, ලැප්ටොප් පරිගණක 03ක් හා ටැබ් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් අවුරුදු 22, 30 හා 43 යන වයස්වල හා සැකකරුවන් අවුරුදු 25, 26, 27 හා 29 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින්.

තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.