අපරාධ රැසකට වරෙන්තු නිකුත්වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට වරෙන්තු නිකුත්වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදී ඊයේ (01) දින උදෑසන කාලයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 25 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවටත් අනාවරණය වී ඇත.

මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.