අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

කිරිබත්ගොඩ, ටයර් හන්දිය ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 29ක් වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී යතුරුපැදි සොරකම් හා නිවෙස් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවට අනාවරණය වී ඇත.

සොරකම් කරන ලද ලැප්ටොප් පරිඝණකයක් හා කැමරාවක් පොලිස් භාරයට ගෙන ඇත.

කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.