වැල්ලවාය සහ කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයන්ට මායිම්ව ඇති අයිස්පීල්ල ඉහළ කඳු පංතියේ අද දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්න මේ වනවිටත් රක්ෂිතය පුරා වේගයෙන් පැතිර යමින් පවතින අතර මේ වන විට රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇත.
ගිනිදැල් අඩි හතරකට වඩා උසකින් පැතිර යන අතර ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු වෙමින් පවතී.
ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර යමින් ඇත.
