අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මැයි මාසයට අදාළ දිමනාව බැංකු ගිණුම්වලට අද බැර කරන බව, සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
රුපියල් බිලියන 11කට අධික මුදලක් මෙලෙස ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් සංඛ්‍යාව 14 ලක්ෂ 23, 000කට අධිකයි.
රුපියල් බිලියන 11. 74 කට අධික මුදලක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි, සුබසාධ ප්රතිලාභ මණ්ඩලය පවසන්නේ.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ගේ දීමනාව අද සිට ලබා ගත හැකි බව, එම මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පවසනවා.
