ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාහිංගොඩ, එපිටවත්ත “ලුහු ඉංජිනේරුවරුන්ගේ කර්මාන්ත ජනපදයේ” පාරම්පරිකව කම්මල් කර්මාන්තයේ නිරත ශිල්පීන් සඳහා නව තාක්ෂණික උපකරණ බෙදාදීම ඊයේ (20) දින සිදුකෙරුණා .
තලාවිටිය මෙත්මුණි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කලවානේ සරණ තිස්ස නායක ස්වාමීන්වහන්සේ ප්රමුඛ පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී විය.
එමෙන්ම ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති බන්දුලසේන දුනුවිල මහතා ඇතුළු මහජන නියෝජිතයන් සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.
‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන මගින් මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.
පාරම්පරිකව කම්මල් කර්මාන්තයේ නියැලෙන මෙම ශිල්පීන්ට නවීන තාක්ෂණික උපකරණ ලබාදීම හරහා ඔවුන්ගේ කර්මාන්තයේ නිෂ්පාදන ධාරිතාව මෙන් ම ගුණාත්මකභාවය ද ඉහළ නැංවීම රජයේ ප්‍රධාන අපේක්ෂාවයි.
දේශීය කර්මාන්තකරුවන් නගාසිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහනට සමගාමීව, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම ඇතුළු තවත් දිගුකාලීන ආර්ථික සැලසුම් රැසක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
