ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදි පැවැත්වෙනවා. අද තරගය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් හිමිවුවහොත් 2014 වසරෙන් පසු එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.
මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 19කින්. දෙවන තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා. ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය තීරණය කිරීමට අද තරගය දෙපිලටම තීරණාත්මකයි.
මෙතෙක් ඉතිහාසයේ ශ්‍රීලංකාව සහ එංගලන්තය අතර පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 81ක්. ඉන් තරග 39ක් එංගලන්තයත් තරග 38ක් ශ්‍රීලංකාවත් ජයගත්තා.
එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වූ අතර තරග තුනක් තීරණයකින් තොරව අවසන්වී තිබෙනවා. අද තරගය පිළිබඳ නායක චරිත් අසලංක අදහස් පළ කළා.
