ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රි සමාජ ශාලාවක හටගත් ගින්නකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පිරිස අතර සංචාරකයින් කිහිපදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
ගෝවා ප්‍රාන්තයේ “අර්පෝරා” ගම්මානයේ ජනප්‍රිය රාත්‍රි සමාජ ශාලාවක මෙම ගින්න හට ගැණුනා.
ඊයේ මධ්‍යම රාත්‍රි එම සමාජ ශාලාවෙහි ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් ගින්න හටගත් බව සඳහන්.
ගින්නෙන් සංචාරකයින් කිහිපදෙනෙකු සහ එම සමාජ ශාලාවෙහි මුළුතැන්ගෙයි සේවකයින් කිහිපදෙනෙකු ද මියගොස් ඇති බව ප්‍රාන්ත බලධාරින් පවසනවා.
ගින්න කඩිනමින් පාලනය කිරීමට හැකිවූ බව එරට ගිනි නිවීමේ අංශ සඳහන් කළා. මියගිය පිරිස අතර කාන්තාවන් කිහිප දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි. අනතුරට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට ප්‍රාන්ත බලධාරින් අවධාරණය කර තිබෙනවා.
