ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට රාජ්‍ය ආයතන සඳහා මාර්ගෝපදේශ මාලාවක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (23) දිනයේ නිකුත් කර ඇත.

ඒ අනුව අත්‍යවශය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කරනු පිණිස පහත සඳහන් මාර්ගෝපදෙශ කඩිනමින් නිතුක් කළ යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.