ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට ආරම්භ වීමට නියමිතයි.

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී මෙම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පකිස්ථාන අගමැති ශෙබාස් ශරීෆ්ගේ ආරාධනාවකට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙනවා.

ඇමරිකානු නියෝජිත මණ්ඩලය නායකත්වය දරන්නේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් වන අතර, ඔහු සමඟ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර්ද සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

ඉරාන කථානායක මොහම්මද් බාගර් ගාලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි විසින් ඉරාන පාර්ශ්වය නායකත්වය දරනු ලබන බවයි වාර්තා වන්නේ.

සාකච්ඡා සඳහා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

මෙම සාකච්ඡා සිදුවන්නේ පකිස්ථානය මැදිහත් කරගෙන ඇති සති දෙකක තාවකාලික යුද විරාමයක් අතරතුරයි.