කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පොල්ගහවෙල සිට ගම්පොළ දක්වා සහ ගම්පොළ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මෙම පස් කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර, ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්රමාද වී තිබෙනවා.
දුම්රිය මාර්ගයට පතිත වී ඇති පස් සහ ගල් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
