උ.කොරියාවෙන් දියත් වූ සුපිරි යෝධ නැව

උතුරු කොරියාව ඊයේ නවතම යුද නෞකාවක් දියත් කර තිබෙනවා.

එම නෞකාව මීට පෙර අවස්ථාවකදී දියත් කිරීමට උත්සහ කළ ද එහි අසමතුලිතතාව හේතුවෙන් අනතුරට ලක්වූ බව, උතුරු කොරියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම නෞකාවේ බර ටොන් පන්දහසක් පමණ වනවා.

අනතුරට ලක් වුවද නෞකාව යථා තත්වයට පත් කිරීමෙන් සති දෙකකට පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ එය සාර්ථකව දියත් කිරීමට හැකි වී තිබෙනවා.

මීට පෙර නෞකාව අනතුරට ලක්වීම සම්බන්ධයෙන් නිලධාරින් සිව් දෙනෙකු එරට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.