ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේදී පසුගියදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව, එරට පොලිසිය පවසනවා.
වෙඩි ප්‍රහාරයට මාසයකට පෙර එම තුවක්කුකරුවන් පිලිපීනයේ සංචාරයක නිරත වීම පිළිබඳව මේ වන විට විමර්ශනය කෙරෙන බවයි, ඔවුන් සඳහන් කරන්නේ.
බොන්ඩි වෙරළ තීරයේ වෙඩි ප්‍රහාරයට මාසයකට පෙර එය සිදු කළ පිය පුතු දෙපළ පිලිපීනයට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව, ඔස්ට්‍රේලියානු පොලිසිය පවසනවා.
බී බී සී පුවත් සේවය වෙත පිලිපීන බලධාරීන් ප්‍රකාශ කර සිටියේ, ඉකුත් නොවැම්බර් පළමු වැනිදා සහ 28 වැනිදා අතර කාලය තුළ ඔවුන් එරටට පැමිණ ඇති බවයි.
එහිදී එම ප්‍රහාරකයින් හමුදාමය පුහුණුවකට සමාන පුහුණුවක් ද ලබා ගෙන ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බව, ඔවුන් සඳහන් කරනවා.
50 හැවිරිදි ‘සජිඩ් අක්‍රම්’ නමැත්තා ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් සහ ඔහුගේ පුත් 24 හැවිරිදි ‘නවීඩ්’ නමැත්තා ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කර පිලිපීනයට ඇතුළු වී ඇති බවයි, එරට බලධාරීන් පවසන්නේ.
මෙම ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍ය සංකල්පය අනුගමනය කරමින් සිදු කළ ප්‍රහාරයක් ලෙස සැලකිය හැකි බව, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසනවා.
