
අද (30) උදෑසන මඩකලපුවේ කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කිරාන්කුලම් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරට ලක්ව ඇත.
මෙම අනතුර සම්බන්ධව වාර්ථාවන්නේ කතරගම වන්දනා ගමන අවසන් කළ වන්දනාකරුවන් ආරයම්පති හි බස්සවා ආපසු කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තේත්තාතීවු දෙසට යමින් සිටි බසය කිරාන්කුලම් හි සරස්වතී විද්‍යාලය අසලින් ගමන් කරමින් සිටියදී, එය මාර්ගයෙන් ඉවතට පැන පාර අයිනේ ගසක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුවිය.
අනතුර සිදුවන විට බස් රථයේ රියදුරු සහ සහායකයින් දෙදෙනෙකු බස් රථයේ සිටි අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරෙන් තුවාල ලැබූවන් පාණ්ඩිරුප්පු හි කළුතාවෙල ප්‍රදේශයේ අය වෙති. අනතුරින් බස් රථයට දැඩි හානි සිදු වූ අතර ගසක් ද මාර්ගයට කඩා වැටුණි.
කාත්තාන්කුඩි රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.