වෙඩි තැබීමකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.06.15 වන දින අළුයම් කාලයේ කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබුණා.
මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් විමර්ශන සිදු කරනු ලැබුවා.
ඒ අනුව ඊයේ (07) දින දහවල් කාලයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 21ක් වන මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
