නයිජීරියාවේ උතුරු දිග කනෝ හි ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් එහි ගමන් ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඔවුන් සියලුදෙනා එරට ජාතික ක්‍රීඩා ඉසව්වකට සහභාගී වී යමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි 30කට ආසන්න පිරිසක් සිටි බවයි, වාර්තා වන්නේ.
බස් රථය, කනෝ සාරියා අධිවේගී මාර්ගයේ පාලමකින් ඉවතට පෙරළී ගොස් අනතුර සිදුව තිබෙනවා.
අනතුරට හේතුව නිශ්චිතව වාර්තා වී නොමැති අතර, මූලික පරීක්ෂණ කටයුතු වලදී හෙළි වී ඇත්තේ, අධික වේගය සහ රාත්‍රී කාලයේ ඉතා දීර්ඝ ගමනක් හේතුවෙන් රියදුරා තෙහෙට්ටුවට පත්වීම එම අනතුරට හේතු වී ඇති බවයි.
තුවාල ලැබූවන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
