ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින්,ඊශ්‍රායලය සමග එල්ල කළ දැවැන්ත ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින් ඉරාන හමුදා නායකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව,අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දී තිබූ කාල සීමාව හෙට දිනයෙන් අවසන් වන බවට අනතුරු ඇඟවීමක් කර පැය කිහිපයකට පසුවයි
