කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදයි

ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා.

මේ නිමිත්තෙන් අද (05) සියලුම කිතුනු දෙව්මැඳුරුවල විශේෂිත පාස්කු දේව මෙහෙයන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත.

අදට යෙදී ඇති පාස්කු මංගල්‍ය වෙනුවෙන් “ආලේ ලුයියා” සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී දේව මෙහෙයන් ඊයේ රාත්‍රියේ සෑම දේවස්ථානයකදීම පැවැත්වුණා.

අගදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේව මෙහෙය පැවැත්වුණේ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදීය.

මැද පෙරදිග යුද්ධය සමථයකට පත් කරන ලෙසත්, මිනිසා අතර වෛරය, ක්‍රෝධය දුරුවී සාමය තහවුරු කරන ලෙසත් මෙම දේව මෙහෙයන්වලදී යැදීමට නියමිතයි.