කුඩාඔයේ මහා පරිමාණ වැලි ජාවාරමක් වටලයි

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එක්ව ඌව කුඩාඔය බලහරුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී කුඩාඔයේ නීතී විරෝධීව වැලිගොඩ දමමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඌව කූඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.